Sunday, February 01, 2026
Follow Us
අලුත් රාජ්‍ය ඇමතිවරුන් රටට ලොකු බරක් නෙවෙයි – ඇමති ප්‍රසන්න

අලුතින් පත් කළ රාජ්‍ය අමාත්‍යවරුන් සේවය කරන්නේ මන්ත්‍රී වැටුප ලබමින් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

“දැනට කැබිනට් අමාත්‍යවරුන් 20 දෙනායි පත්කරලා ඉන්නෙ. ඒ ප්‍රමාණයත් එක්ක ආයතන පවත්වාගෙන යන්න අපහසුයි. උදාහරණයක් විදියට ගත්තොත් මගේ අමාත්‍යංශයේම තියෙනවා ආයතන 35ක්. මට තනියම ඒ වැඩ කරන්න අමාරුයි. ඒත් රාජ්‍ය ඇමතිවරුන් පත් කළාම ඔවුන්ට ඒ ආයතන බලන්න කියලා පවරලා දෙන්න පුළුවන්. එතකොට ඒ ආයතනවල තත්වය ඉහළට ගන්න පුළුවන්. ඒක නිසා තමයි අලුතින් රාජ්‍ය ඇමතිවරුන් පත් කළේ. ඔවුන් සියලු දෙනාම වැඩ කරන්නේ මන්ත්‍රී වැටුපට. ඒ නිසා ඔවුන් රජයට ලොකු බරක් වෙන්නේ නෑ. හැබැයි පහුගිය ආණ්ඩුව කාලේ ඇමතිවරුන්ට අමතරව රාජ්‍ය ඇමතිවරුන් 88 දෙනෙක් හිටියා. ඒ 88 දෙනාටම ඇමතිවරුන්ට හිමිවන සියලු වරප්‍රසාද දුන්නා. ඊටත් අමතරව අධීක්ෂණ මන්ත්‍රීවරු කියලා කණ්ඩායමක් පත්කරලා ඒ අයටත් මාසෙකට ලක්ෂ 6ක වගේ මුදලක් දුන්නා”

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ ඊයේ (08) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

LNW