Sunday, February 01, 2026
Follow Us
බැසිල් අද ගෙදර යයි !

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බව වාර්තා වේ. ඒ, ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සඳහායි.

හිටපු ඇමතිවරයාගේ විදෙස් ගමන් වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබූ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු වාර්තා කරමින් කියා සිටියේ තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගතවීමට අවශ්‍ය බවයි.

කරුණු සලකා බැලූ අධිකරණය බැසිල් රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කළේය.

බැසිල් රාජපක්ෂ මහතා එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව යාමට නියමිත අතර ඉන්පසු ඩුබායි සිට ඇමරිකාව වෙත ගමන් කරනු ඇත.

ඔහුගේ ඇමරිකානු ගමනට පෙර රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමට නියමිත බව පසුගියදා වාර්තා විය. ඒ අනුව ඊයේ දිනයේදී රාජ්‍ය අමාත්‍යවරුන් 37 ක් දිවුරුම් දුන් අතර ඔවුන්ගෙන් බහුතරයක් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විය.

LNW