Sunday, February 01, 2026
Follow Us
පක්ෂයට පටහැනිව අමාත්‍යධුර භාරගැනීම පිළිකුල් සහගතයි

ශ්‍රීලනිප පාක්ෂිකයෝ පක්ෂයට බොරු කරලා


අමාත්‍යධුර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම අමාත්‍යධුර ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබුණේ, සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනය වන්නේ නම් පමණක් ආණ්ඩුවේ තනතුරු භාරගෙන සහාය ලබාදීමට බවය.

එම තීරණවලට පටහැනිව රජයේ අමාත්‍යධුර භාරගැනීම කිසිසේත් අනුමත නොකර බවද ඔහු තරයේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තමතමන්ගේ පෞද්ගලික ලාභාපේක්ෂා පෙරදැරිව අමාත්‍යධූර ලබාගැනීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන බවද එය පිළිකුල් සහගත බවද ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අමාත්‍ය ධුර භාරගැනීම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් මෛත්‍රීපාල සිරිසේන මේ බව පෙන්වා දී තිබේ.

Aruna