Sunday, February 01, 2026
Follow Us
නව රාජ්‍ය ඇමතිවරු පත් කිරීම රටේ ජනතාවට තවත් බරක් - විජිත හේරත්ගෙන් ප්‍රකාශයක්

කංසා අපනයනය නීතිගත කර මෙරටට විශාල වශයෙන් ඩොලර් ගෙන ඒමට හැකියාව පවතින බව අද දිනයේ දිවුරුම් දුන් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

අමාත්‍ය ධූරයේ දිවුරුම්දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවේ ළමා මන්දපෝෂණය තුරන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් තමන් සකස් කරන බවයි.

මේ අතර අද දිවුරුම් දුන් නව රාජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

Neth