චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම අත්හිටුවීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති අතර අහිතකර බැක්ටීරියා සහිත සාම්පල් එවූ චීන සමාගමෙන් පොහොර මිලදී ගැනීම පමණක් අත්හිටුවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා අවධාරණය කරයි.
Mayoress of Colombo Rosy Senanayake today assured that there is no move to take any action against any owner of unregistered properties in Colombo City and there will be no acquisition of any property.
Central Bank Governor Ajith Nivard Cabraal said that US$ 50 million would be released to two state commercial banks to facilitate the release of essential items that are stagnant at the Colombo port.
අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
ක්ෂේත්‍ර 05 ක පුද්ගලයන් සඳහා බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය බළධාරීන් අද තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව නිවේදනය කරයි.
The Cabinet of Ministers at its meeting on Monday agreed to amend the Rent Act No. 7 of 1972 in keeping with current developments.
දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බවත් ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.
මහජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව නොමිලේ බෙදා දීමට නියමිත “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම (28) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය.
රට විවෘත කිරීමෙන් පසු ක්‍රියාත්මක කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයේ නිකුත් කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට ලක්කර මහජන සේවාව ඇඟිලි තුඩු මතින් සිදු කර ගැනීමේ හැකියාව ඇති කරන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
පිටරටින් සහල් ගෙන්වීමට තීරණය කළේ වෙළද පොලේ සහල් මිල පාලනය කිරීමේ අරමුණින් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
විදෙස් රටවලින් සහල් ආනයනය කිරීම කඩිනමින් සිදු කරන බවත්, සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව ඉතා ඉක්මනින් රුපියල් 100 ට අඩුවෙන් පාරිභෝගිකයන්ට සහල් මිලදී ගැනීමට හැකිවනු ඇති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
Page 293 of 647