Friday, February 20, 2026
Follow Us
විශ්වවිද්‍යාල ඇරඹීමට තීරණයක්

සරසවි සිසුන්ටත් එන්නත අනිවාර්ය වෙයි?


කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

වයස අවුරුදු 20ත් 30 ත් අතර සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීම ඔක්තෝබර් මාසයේ අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බැවින් නොවැම්බර් මාසයේ දී විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඔහු පවසයි.

විශ්වවිද්‍යාල භූමියට ළමුන් ඇතුළත් වීමේ දී එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතු බවට මෙතෙක් අවසන් තීරණයකට ගෙන නොමැති අතර රටවල් අතර සම්බන්ධතාවලදී එය අත්‍යවශ්‍ය දෙයක් වන බැවින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේත් එය අනිවාර්ය විය හැක බව ඔහු පවසයි.

(Aruna)