Friday, February 20, 2026
Follow Us
ක්ෂේත්‍ර 05 ක පුද්ගලයන්ට ෆයිසර් බූස්ටර් මාත්‍රාව

ක්ෂේත්‍ර 05 ක පුද්ගලයන් සඳහා බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය බළධාරීන් අද තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව නිවේදනය කරයි.

ඒ අනුව,

ඇස්ට්‍රාසෙනිකා හෝ සයිනෝෆාම් එන්නත පළමු සහ දෙවන මාත්‍රාව ලෙස ලබා ගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට
නිධන්ගත රෝගවලින් පෙළෙනු ලබන වයස අවුරුදු 30-60 ත් අතර පසුවන පුද්ගලයින්ට
වකුගඩු සහ පිළිකා රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට
සෞඛ්‍ය සේවකයින්ට
ඉදිරිපෙළ සේවා කටයුතුවල නියැලෙන පුද්ගලයින්ට
මෙලෙස ෆයිසර් එන්නත් මාත්‍රාව තෙවන මාත්‍රාව ලබා දීමටයි තීරණය කර තිබෙන්නේ.

(LNW)