Friday, February 20, 2026
Follow Us
ආරක්ෂක අමාත්‍යංශයෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්

දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් පුවත තහවුරු වෙලා නෑලු


මෙරට දේවස්ථානවලට ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සමාජ මාධ්‍යයේ හා විද්‍යුත් මාධ්‍යයේ සංසරණය වූ පුවත සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය ආරක්ෂ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් නිකුත් කර ඇත.

එහි සදහන් වන්නේ එම පුවත සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය කිරීමක් හෝ තහවුරු කිරීමක් සිදුකර නොමැති තොරතුරක් බවයි.

මේ‌ හේතුවෙන් එම පුවත සම්බන්ධයෙන් කලබලයට පත්වීමට කිසිදු හේතුවක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)