Tuesday, September 29, 2026
Follow Us
ඇඳිරිනීතිය ඉවත් කිරීම ගැන ජනාධිපතිගෙන් විශේෂ නිවේදනයක්

1 වැනිදා සිට රට විවෘත වේ


දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී තිබේ.

ඒ, අනුව ඔක්තෝබර් මස 01 වනදා උදෑසන 4.00 සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කෙරෙනු ඇත.

මේ අතර ඊට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම්දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
පසුගිය අගෝස්තු මස 20 වනදා රාත්‍රියේ 10 සිට මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබීය.

(Aruna)