Wednesday, April 22, 2026
Follow Us
පිටරටින් සහල් ගෙන්වීමට හේතුව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියයි

පිටරටින් සහල් ගෙන්වීමට තීරණය කළේ වෙළද පොලේ සහල් මිල පාලනය කිරීමේ අරමුණින් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මෙවන් ව්‍යවසනයක් පවතින මොහොතක ව්‍යාපාරිකයින්ද මීට වඩා වගකීමෙන් කටයුතු කළයුතු බවයි අමාත්‍යවරයා පැවසුවේ.

(Neth)