Friday, February 20, 2026
Follow Us
රට විවෘත කිරීමෙන් පසු ක්‍රියාත්මක කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් කරයි

රට විවෘත කිරීමෙන් පසු ක්‍රියාත්මක කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයේ නිකුත් කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ, අද අලුයම නෙත් නිවුස් වෙත අදහස් දක්වමින්.

මෙරටින් හදුනාගත් දෛනික ආසාදිතයින් ඊයේ දිනයේද අඩු වී තිබූ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 61 ක්. එම මරණ පෙරේදා දිනයේ සිදුවූ මරණ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.

(Neth)