ක්‍රීඩාවෙන් සියලු ජාතීන් අතර සමගිය ගොඩනැඟිය හැකි බව තරයේ විශ්වාස කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
The Examinations Department will call for applications for the selection of invigilators for the 2021 (2022) GCE Advanced Level Examination through online.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අඛණ්ඩව විදුලිය සැපයීම අභියෝගයක් වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට කෙටි කාලයක් විදුලිය කප්පාදු කිරීමටද සිදුවිය හැකි බවයි.
විදේශ වෙළදපොල ජය ගත හැකි කර්මාන්ත රට තුළ ස්ථාපිත කිරීමෙන් ඩොලර් අර්බුදයට විසදුම් ලබා දිය හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
රාජ්‍ය නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ චක්‍රලේඛය අද නිකුත් කෙරුණා.
පවතින විදුලි අර්බුදය හමුවේ රාත්‍රී ආහාරවේල සවස 06 ට පෙර පිළියෙල කර ගන්නැයි විදුලි උදුන් භාවිතකර ආහාර පිළියෙල කරන විදුලි පාරිභෝගිකයින්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කරනවා.
Bringing ‘Vistas of Prosperity’ to the forefront, President Gotabaya Rajapaksa will ceremoniously launch the 1,000 new national schools establishment program, covering all nine provinces today.
තරුණ ගොවි සංවිධාන ශක්තිමත් කර දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ආදර්ශ තරුණ කෘෂි ගම්මානය බැගින් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් බහාළුම් මුදාහැරීම සදහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මහ බැංකුව මගින් අද දිනයේ ලබාදෙනු ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ගෑස් අනතුරුවලට ලක්වූවන්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ඉන්ධන ආනයනය සදහා ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති වුවහොත් ජනවාරි මැද සතිය වනවිට ඉන්ධන හිඟයක අවදානමක් මතුවිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් සදහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම අද සිට ආරම්භ වනවා. මීට පෙර වයස අවුරුදු 15 ත් 19 ත් අතර ළමුන් සදහා වන එන්නත්කරණය සහ වයස අවුරුදු 12 ත් 15 ත් අතර විවිධ සංකූලතා සහිත දරුවන් සදහා එන්නත් ලබාදීම සිදු කෙරුණා.
වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේ වී කිලෝව රුපියල් 75/=ක් බැගින් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
Page 245 of 647