Tuesday, February 17, 2026
Follow Us
ගුරු විදුහල්පති වැටුප් සඳහා නව චක්‍රලේඛයක්

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි වන්නේ මෙහෙමයි


ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු 30 වන දින සහ මේ වසරේ ජනවාරි තුන් වන දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ගනු ලැබූ තීරණවලට අනුව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්ය.

මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර ඊට ජාතික වැටුප් කොමිෂන් සභවේ සහ මුදල් අමාත්‍යාංශයේ ද එකඟතාව හිමිව තිබේ.

රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය – 2016

22 61d5da7e7b100

(Arunai)