Tuesday, February 17, 2026
Follow Us
දළදා වදින්න එන බැතිමතුන්ට විශේෂ පහසුකම්

අගමැතිගේ ප්‍රධානත්වයෙන් හෙට විවෘත කෙරේ

මහනුවර දළදා මාලිගයට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් ඉදිකර ඇති විශේෂිත පහසුකම් සැලසීමේ මධ්‍යස්ථාන හෙට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

රුපියල් මිලියන 373.5ක වියදමින් ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය මඟින් මහනුවර දළඳා මාලිගයට පැමිණෙන වන්දනාකරුවන්ට සිය අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වනවා.

එමෙන්ම උඩරට කලා නිර්මාණකරුවන් වෙනුවෙන් ඉදිකෙරෙන නිදහස් කලා නිර්මාණ අලෙවි කිරීමේ මධ්‍යස්ථානය ද හෙට විවෘත කිරීමට නියමිතයි.

ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 561ක්.

(Aruna)