Tuesday, February 17, 2026
Follow Us
රටේ අඛණ්ඩ විදුලි සැපයුම අර්බුදයක

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අඛණ්ඩව විදුලිය සැපයීම අභියෝගයක් වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට කෙටි කාලයක් විදුලිය කප්පාදු කිරීමටද සිදුවිය හැකි බවයි.

ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන ආනයනය සීමාවීම මෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් යථාතත්ත්වයට පත්කර ගැනීමට නොහැකිවීම විදුලි ඉල්ලුම සපුරාලීමට බාධාවන් වී ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දුන්නේ.

මේ අතර ඊයේ රාත්‍රියේ ද ප්‍රදේශ කිහිපයකට වරින්වර විදුලිය බිද වැටුණා. කොළඹ සහ ගම්පහ ඇතුළු ප්‍රදේශ ඒ අතරට අයත්. කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක බිඳවැටීමක් ඊට හේතුව බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ. පසුව ඊයේ රාත්‍රී 9.30 පමණ වන විට විදුලි සැපයුම යථාතත්ත්වයට පත් වුණා.

(Neth)