Tuesday, February 17, 2026
Follow Us
ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්

පවතින විදුලි අර්බුදය හමුවේ රාත්‍රී ආහාරවේල සවස 06 ට පෙර පිළියෙල කර ගන්නැයි විදුලි උදුන් භාවිතකර ආහාර පිළියෙල කරන විදුලි පාරිභෝගිකයින්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කරනවා.

එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග පැවසුවේ එලෙස ක්‍රියාකිරීමෙන් විදුලිය විසන්ධි වීම අවම කර ගත හැකි බවයි.

නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තවත් දින 05කට අධික කාලයක් දිවයිනේ විවිධ ප්‍රදේශවල වරින් වර විදුලිය විසන්ධි විය හැකි බවයි.

පෙරේදා දිනයේ මෙන්ම ඊයේ දිනයේද පස්වරු 6.30 ත් රාත්‍රී 10.30 ත් අතර කාලය තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලිය සැපයුම බිඳ වැටුණා. කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක බිදවැටීමක් ඊට හේතු වී තිබෙනවා.

(Neth)