Tuesday, February 17, 2026
Follow Us
රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම යාමේ වයස 65 කෙරෙන චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ චක්‍රලේඛය අද නිකුත් කෙරුණා.

ඒ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරිගේ අත්සනින් යුතුවයි.

රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම මෙම මස පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි එම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සදහා 2021.12.30 වනදා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට පසුගිය 3 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇති බව එම චක්‍රලේඛයේ සදහන් වනවා.

(Neth)