Tuesday, February 17, 2026
Follow Us
වී සහතික මිල රුපියල් 75 ක් බව කෘෂි ඇමති කියයි

වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේ වී කිලෝව රුපියල් 75/=ක් බැගින් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කාබනික පොහොර යොදාගෙන වී ගොවිතැන් කළ ගොවීන්ට සහනයක් ලබා දීම වෙනුවෙන් මෙවර මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 25/= ක් වැඩිපුර ගෙවීමට රජය තීරණය කර ඇති බවය.

මේ අතර වගා හානි සඳහා වන්දි ගෙවීමට ද කෘෂි රක්ෂණ මණ්ඩලය සූදානමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉකුත් වසරේ ද වගා හානි සඳහා රුපියල් මිලියන 5000ක් ගෙවා ඇති බවද සඳහන් කළේය. ඒ අනුව මේ වසරේ ද හානි සඳහා වන්දි ගෙවන බවද අමාත්‍යවරයා කීවේය.

(news.lk)