විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන්
2020 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵල ඇතුළත් සමස්ථ ප්‍රතිඵල නිකුත්කර තිබේ.
2021 වසරේ සැප්තැම්බර් 23 දින නිකුත් කරන ලද ප්‍රතිඵලවලට අමතරව එම අවස්ථවේදී නිකුත් නොකරන ලද ප්‍රායෝගික පරීක්ෂණ ඇතුළත් සෞන්දර්ය විෂයන්ගේ ප්‍රතිඵලයි මෙලෙස නිකුත් කර ඇත.
ඒ අනුව එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් හෝ www.doenets.lk වෙත පිවිස ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
(Aruna)