කොවිඩ් රෝගී තත්ත්වය ගැන තවදුරටත් ප්‍රවේශම් වන්න
එළඹෙන සතියේදී නැවතත් සියලුම පාසල් සාමාන්‍ය පරිදි ආරම්භ වන බැවින් සෞඛ්‍යාරක්ෂිත පුරුදු පිළිබදව කල්තියා දරුවන්ව දැනුවත් කරන්නැයි සෞඛ්‍ය අංශ වැඩිහිටියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා පැවසුවේ පාසල් විවෘත කිරීමත් සමග පොදු ප්‍රවාහනය භාවිතයට ගන්නා පිරිස සැලකිය යුතු මට්ටමකින් වැඩිවන හෙයින් කොවිඩ් ඇතුලු අනෙකුත් වෛරස් උණ රෝගී තත්වයන්ගේ ව්‍යාප්තියද වැඩි වන බවයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කලා.
පාසල් වැඩකටයුතු පටන් ගන්නකොට අපි දන්නවා පාරවල් බොහො කර්ය බහුල වෙනවා. ගමනා ගමනය වැඩි වෙනවා. ඒකත් එක්ක කොවිඩ් වෛරසය මෙන්ම මේ අවස්ථාවේ පවතින අනෙකුත් බෝවන රෝග බෝ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පාචන රෝගයක පැතිරීමක් යම් දුරට අපි දකිනවා. ඒ වගේම ශ්වසන මාර්ගයේ රෝග.
නමුත් අපි කොවිඩ් රෝගී තත්ත්වය ගැන සලකා බැලුවහොත් ප්‍රධානතම අවශ්‍යතාවය වෙන්නේ අපි ප්‍රවේශම්වීමට කටයුතු කිරීමයි.
සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදීලා තියෙන පැහැදිලි මාර්ගෝපදේශ අනුගමනය කරන්න.
(Aruna)