Sunday, February 15, 2026
Follow Us
ආර්ථික අර්බුදයට විසඳුම් සොයා ගැනීම ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානයයි

මේ මොහොතේ රටේ ඇති ප්‍රධාන ගැටළුව වන ආර්ථික අර්බුදයට විසඳුම් සොයා ගැනීම ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානය වී ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා. ඔහු පැවසුවේ උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමෙන් පසු ඉදිරියේදී ඇතිවිය හැකි දේශපාලන තත්ත්වයන් මේ මොහොතේ එතරම් වැදගත් නොවන බවයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ සමග සම කැබිනට් ප්‍රකාශකයෙකු ලෙස එක්වූ උදය ගම්මන්පිල අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළා.

මේ අතර සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ ආණ්ඩුවෙන් ඉවත් වන ඕනෑම අයෙකු තම කණ්ඩායම සමග එක්කර ගැනීමේ සූදානමක් නොමැති බවයි.

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් ඉදිරියේදී ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

(Neth)