Sunday, February 15, 2026
Follow Us
ඉන්ධන හිඟය නිම වන ලකුණු

අගමැතිගෙන් පැහැදිලි කිරීමක්


ඇතැම් ප්‍රකාශ නිසා ජනතාව කලබලයට පත්වීම හේතුවෙන් ඉන්ධන සම්බන්ධ ගැටලුව මතුවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, නාරම්මල ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාලය සහිත ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මේ අතර ආනයනය සඳහා සැලසුම් කර තිබූ ඉන්ධන නෞකා එකවර පැමිණීම නිසා ඇති වූ අර්බුදය මේ වනවිට සමනය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළා.

එහි සභාපති සුමිත් විජේසිංහ සඳහන් කළේ ඉදිරියේදී තවත් ඩීසල් ඇතුළු ඉන්ධන නෞකා කිහිපයක් පැමිණීමට නියමිත බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඉන්ධන සංචිතවල කිසිදු අඩුවක් සිදුනොවන බව ද ඔහු සඳහන් කළා.

(Aruna)