Sunday, February 15, 2026
Follow Us
පාසැල් යළි කොටස් වශයෙන් පැවැත්වීමේ තීරණයක්

ලබන සඳුදා සිට ආරම්භ කෙරෙන නව පාසැල් වාරයේදී ශිෂ්‍ය සංඛ්‍යාව අනුව සිසු සිසුවියන් පාසැල් වෙත කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 20 ක් හෝ ඊට අඩුනම් සෑම දිනකම සියලු පන්ති පැවැත්විය හැකියි.

සිසුන් සංඛ්‍යාව 21 සිට 40 දක්වා වේ නම් පන්තියේ සිසුන් කණ්ඩායම් 02 කට වෙන් කර සතියක් හැර සතියක් පන්ති පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා. සිසුන් 40 ට වඩා වැඩිනම් සිසුන් සමාන කොටස් 03 කට වෙන් කර පන්ති පැවැත්විය යුතු බවටයි දන්වා ඇත්තේ.

පාසැලට නොකැඳවන සිසු කණ්ඩායම්වලට විකල්ප ඉගෙනුම් ක්‍රම භාවිත කරමින් අදාළ විෂය කොටස් ආවරණය කළ යුතු වනවා. අධ්‍යයන සහ අනධ්‍යන කාර්යය මණ්ඩලය සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බව දන්වා ඇතැයි ද වැඩිදුරටත් සඳහන්. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව මීට අදාල නියෝග පළාත්, කලාප සහ කොට්ඨාශ භාර අධ්‍යාපන බලධාරීන්ට මෙන්ම විදුහල්පතිවරුන් සහ පරිවේනාධිපතිවරුන්ටද දැනුම් දී තිබෙනවා.

උසස් පෙළ විභාගයෙන් පසු නව පාසැල ආරම්භය ලබන සඳුදා සිදුවනවා.

(Neth)