පාඩු ලබන තෙල් සංස්ථාවේ රාජ්‍ය බැංකුවකින් සීයට විසිඅටේ පොලියට ණයට ගෙන මාස දහයක් පොලී රහිතව අයකර ගැනීමේ පොරොන්දුව මත රුපියල් තිස්දහස බැගින් (30,000) සේවකයන් පන්දහසකට ආසන්න පිරිසකට ලබාදී තිබේ.
2023 නව පාසල් වර්ෂය සඳහා අවශ්‍ය පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 16,000ක් පමණ වැයවන බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පී.එන්. අයිලප්පෙරුම මහතා කියයි.
2023 අයවැය යෝජනා මගින් වැඩිකර ඇති සෙස් බද්ද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා බලනොපාන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.
මිනිස් පරිභෝජනයට නුසුදුසු මධ්‍යසාර හඳුනා ගැනීම සහ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව යටතේ ම වෙනම රසායනාගාරයක් ස්ථාපනය කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
2023 අයවැයට ඇතුළත් වන්නේ රටේ අනාගතය සඳහා වන මාර්ග සිතියම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අයවැයෙන් පැනවූ ඇතැම් බදු හේතුවෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඔහු කියා සිටියේ බදු සංශෝධනය කිරීම හැර මේ මොහොතේ වෙනත් කිසිදු විකල්පයක් දකින්නට නොමැති බවයි.
ඕමානයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු දී රැගෙන ගිය තරුණියන් හා කාන්තාවන් රැකියා නියෝජිතයන්ගේ කාර්යාලවලදී එරට හාම්පුතුන්ට රිසි සේ තෝරාගැනීමට පෝලිම් ගස්සවා ප්‍රදර්ශනය කර විකිණිමේ ජාවාරමට අනුබල දුන් බවට සැකකරන ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියාගේ වැඩ තහනම් කොට මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
රාජ්‍ය ආයතනවල ලේඛනයක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (17)පාර්ලිමේන්තුවේදී සභාගත කළේ ය.
අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම, ඉන්ධන හිඟය, රට අගුලු දැමීම ඇතුළු අභියෝගාත්මක තත්ත්වයන් රැසක් තිබියදී ද, වසර 2021 ලැබූ සුරාබදු ආදායමට සමාන මුදලක් මේ වසරේ මුල් මාස 11 තුළ එක් රැස් කර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.
The Department of Motor Traffic (DMT) has revised the motor traffic fees related to all services, including the first registration of a motor vehicle, with effect from tomorrow.
Page 107 of 640