Friday, April 26, 2024
Follow Us
වී මිල වැටෙද්දී සහල් ආනයනය සීමා කිරීමට රජයේ අවධානය

සහල් ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැනසුවේ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ලබන සතිය වන විට තීරණයක් ගන්නා බවයි.

ලබන ජනවාරි මාසය මැද වන විට මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වන බැවින් දහල් ආනයනය නතර කළ යුතු බව පාර්ශව ගණනාවක් පෙන්වා දෙනවා.

මේ අතර සහල් ව්‍යාපාරික ලංකේෂ්වර මිත්‍රපාල පැවසුවේ සහල් ආනයනය දැන් සිටම නතර කළහොත් ඉදිරියේදී වී කිලෝවක් සඳහා රුපියල් 125 ක පමණ මිලක් ලබාදිය හැකි බවයි.

Neth