ගෝලීය උණුසුම ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා උතුරු පළාතේ හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘතියක්, වැඩිදියුණු කළ ජල කළමනාකරණ පද්ධතියක් සහ නැවත වන වගා ව්‍යාපෘති ස්ථාපිත කිරීම පිළිබඳවත්, පුනර්ජනනීය බලශක්ති විභව ප්‍රධාන විදුලිබල ජාලයට එක් කිරීම පිළිබඳවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.
පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැය මගින් පියවර තැබූ බවත් 2023 වසරේ සිට 2027 වසර දක්වා ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට මෙමගින් හැකියාව ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2023 අයවැය යෝජනාවෙන් යෝජිත සෙස් (CESS) බද්ද පාසල් පෙළ පොත් සහ උපකරණ සඳහා අදාළ නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අයවැය සම්බන්ධයෙන් සිදුවන පාර්ලිමේන්තු විවාදයේදි මේ බව ඒ මහතා විසින් අවධාරණය කෙරුණේය.
එකම පොලිස් ස්ථානයක වසර තුනකට වැඩි කාලයක් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
මේ වන විට හිග වී ඇති ඖෂධ වර්ග 130ක් පමණ කඩිනමින් මෙරටට ලබා ගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. මාස 03කට ප්‍රමාණවත් ලෙස එම ඖෂධ ලබාගැනීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මේවනවිට රට මුහුණ පා සිටින අසීරු ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමට නම් අමාරු තීරණ ගත යුතුව ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් පනවා තිබූ තහනම වසර 07 කට පසු අද ඉවත් කෙරුණා. ඒ අනුව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සඳහා වන ගැසට් පත්‍රයට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අරමවීර අත්සන් තබා තිබෙනවා.
2023 වසර සඳහා වන අයවැය මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාර අංශයේ සංවර්ධනයට විශේෂ අවධානයක් යොමුකර ඇති අතර, ඒ අනුව එ අංශයට අරමුදල් සැපයීමට සහ ආධාර කිරීමට රු. බිලියන 2 ක මුදලක් වෙන් කර ඇති බවත් වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
අනුරාධපුර, පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ තිබූ පොහොර මිටි කිහිපයක නියමිත බර නොමැති බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලබන සතියේ තීරණයක් ගන්නා බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.
Page 106 of 640