Sunday, February 08, 2026
Follow Us
සාමාන්‍ය පෙළට විෂයන් වැඩි වෙයි

සා.පෙළ ගැන අලුත් තීරණය


අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළ හර විෂයක් ලෙස ඉදිරියේ දී එක් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි.

මීට සමගාමීව නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ‘රොබෝටික්ස්’, කෘත්‍රීම බුද්ධිය වැනි නැගී එන විෂය ධාරා සමග තොරතුරු තාක්ෂණය මුසු කර සිසුන් දැනුමෙන් මෙන් ම තාක්ෂණයෙන් ද සන්නද්ධ කිරීම මගින් අනාගත අභියෝග ජයගැනීමේ මාවත සකස් කිරීමට පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලියේ ජයග්‍රහකයින්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරිම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති උත්සවයට සහභාගී වෙමින් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

සෙසු රටවලට සාපේක්ෂව දැනුම අතින් ඉදිරියෙන් සිටිය ද එම දැනුම ප්‍රායෝගිකව භාවිත කිරීමේ ක්‍රියාදාමයක් ශ්‍රී ලංකාවට නොමැති බව අමාත්‍යවරයා එහිදි පෙන්වාදුන්නේය.

Aruna