Wednesday, May 08, 2024
Follow Us
විදුලිය, ඛනිජ තෙල්, සෞඛ්‍ය අත්‍යාවශ්‍ය සේවා කරයි!

විදුලිය, ඛනිජ තෙල්, සෞඛ්‍ය සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය පරිදි ජනපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

(03) මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනපතිවරයාට පැවැරසී ඇති බලතල අනුව මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

මේ අනුව,

01 විදුලි බල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්,

02 ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බොදා හැරීම,

03 රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම හා පිළිගැනිම, රැකවරණය, පෝෂණය කිරීම හා ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක් සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය යනාදිය අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර තිබේ.

Mirror