ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි කාවන්තිස්ස ඇතාට විශේෂ කණ්ඩායමක් විසින් ප්‍රතිකාර කරමින් පවතින බව පරිසර අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය පැවසුවේ ඇතාගේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් අද (25) දිනයේදීත් අඛණ්ඩව ප්‍රතිකාර කටයුතු සිදුකරමින් පවතින බවය.
ඊයේ (24) දිනයේදීද පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ වන ජීවි නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇතාට ප්‍රතිකාර කෙරිණි.
වර්ෂාව ඇතුළු දුෂ්කර තත්ත්වයන් මධ්‍යයේ වුවද කාවන්තිස්ස ඇතාගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් වනජීවි නිලධාරීන් සහ පශු වෛද්‍ය කණ්ඩායම් කැපවීමෙන් කටයුතු කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.