කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, නවීන තාක්ෂණය භාවිත කරමින් කාන්තාර පරිසරය තුළ කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන කටයුතු සිදුකරන Argrico ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්විය.
එහිදී හයිඩ්‍රොපොනික් හරිතාගාර තාක්ෂණය, ජලජීවී වගා ක්‍රම සහ හතු වගාව ඇතුලු නවීන කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් ලබාගන්නා Coco Peat මෙම නවීන වගා පද්ධති සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
එමෙන්ම Argrico ආයතනය ශ්‍රී ලංකාවේ සිදුකර ඇති ආයෝජන තවදුරටත් පුළුල් කිරීම, තාක්ෂණික දැනුම හුවමාරු කිරීම, පර්යේෂණ සහ දැනුම හුවමාරුව ඇතුලු ක්ෂේත්‍ර ඔස්සේ දෙපාර්ශ්වය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳවද ඒහිදී සාකච්ඡා කර තිබේ.