හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට යලි රැස්වෙනවා. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට සහභාගි නොවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. අදාල සාකච්ඡාව සඳහා සහභාගි වන බව ජවිපෙ නායකයන් මීට පෙර ප්‍රකාශ කර තිබූ නමුත් ඊයේ සවස ඔවුන් තීරණය කර තිබෙන්නේ සාකච්ඡාව සඳහා සහභාගි නොවීමටයි.
පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළයුතු බවත්, සේවකයන්ට අවශ්‍ය පරිදි එවැනි පාඩු ලබන ආයතන නඩත්තු නොකළ යුතු බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.
මේ වන විට මේ රටේ පුරවැසි අරගලයේ යෙදුණු තරුණ පිරිස් දඩයම් කිරීම ආණ්ඩුව විසින් අරඹා ඇති බවත් ගෝඨාගෝගම ඉදිකොට තිබූ පුස්තකාලයට සම්බන්ධ තරුණ පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පවා ආණ්ඩුව පෙළඹී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට ප්‍රවාහන පහසුකම් සැපයීමට අග්‍රාමාත්‍ය කාර්යාලය තීරණය කර තිබෙනවා.
දෙමළ සිරකරුවන් අවුරුදු විස්සක් තිස්සේ නඩු නැතිව හිරේ
මෙරට දේශපාලනයේ මේ දිනවල උණුසුම් මාතෘකාව සර්ව පාක්ෂික ආණ්ඩුවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට සර්වපාක්ෂික ආණ්ඩුවට ආරාධනා කළද, ඒ සඳහා පොදු එකඟතාවක් තවමත් ඇතිවී නැත. ඒ වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිචාරය කුමක්ද? මේ ඒ පිළිබඳව එම පක්ෂයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යන් රාසපුත්‍රම් රාසමානික්කම් දැක්වූ අදහස්ය.
දෙමළ ජාතික සංධානය (ටී.එන්.ඒ.) ඩලස් අලහප්පෙරුමට සහයෝගය දෙන්න හිතුවේ ඇයි?
රටේ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය සහ ඒ තුළින් නිර්මාණය වූ දේශපාලන අර්බුදයට එකම විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාගෙන, මේ ඇතිවෙලා තියෙන ගැටලුවලින් ගොඩ ඒමට වැඩපිළිවෙළක් සකස් කිරීම පමණයි. එවැනි වැඩපිළිවෙළක් සකස් කරන්න නම් අපිට මේ වෙලාවේ අමාරු තීන්දු තීරණ පවා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ තීරණ ගද්දී ආණ්ඩු පක්ෂය, විපක්ෂය කියලා බෙදෙන්නේ නැතුව සියලු දෙනාම එකතු වුණොත්, ඒ තීන්දු තීරණ පිළිබඳව රටේ ජනතාවට පැහැදිලි කරවීමට පවා පහසුයි. පුද්ගල අභිමතාර්ථ මත, අත්තනෝමතික තීරණ ගනිමින්, වාද විවාද කරමින් මේ ගැටලුවලට විසඳුම් ලබා ගන්න බැහැ. ඩලස් අලහප්පෙරුම මැතිතුමා හතළිහක් පමණ වන පොහොට්ටුවේ කණ්ඩායමක් සමග ඉදිරිපත් වෙද්දී, ඔහුට සජබේ සහයත් ලැබෙද්දී, ස්වාධීන වූ කණ්ඩායමේ සහයත් හිමිවද්දී, සර්වපාක්ෂිත ආණ්ඩුවක අවශ්‍යතාව වන වැඩිම පක්ෂ ගණනක් ඒකරාශී කරගැනීමේ හැකියාව ඇති පුද්ගලයා ඔහුය කියන විශ්වාසයෙන් තමයි අපි ඩලස් අලහප්පෙරුම මැතිතුමාට සහයෝගය දක්වන්න තීරණය කළේ.
රනිල් වික්‍රමසිංහට සැබෑ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න බෑ කියන මතයේ ඔබ තවමත් සිටිනවාද?
අද තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක්. වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඒකට බිලී බාගෙන තියෙනවා. නමුත් එවැනි දේ සිදු නොවිය යුතුයි. වත්මන් ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා. නමුත් පොහොට්ටුවේ බහුතරයක් තියාගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කතා කරන එක ඒ තරම් සාර්ථක නැහැ. දැන් හදන්න උත්සාහ කරන සර්ව පාක්ෂික ආණ්ඩුව සැබෑම සර්වපාක්ෂික ආණ්ඩුවක් ද කියන ගැටලුව අපිට තියෙනවා.
නමුත් ජනාධිපතිවරයා කියූ පරිදි මේ ගැටලුවෙන් ගොඩ ඒම සඳහා හදන වැඩපිළිවෙළට අපිත් සහයෝගය දෙනවා. ඊට පස්සේ කරන්නේ මොකක්ද කියලා ඊළඟට තීරණය කරනවා.
පසුගියදා ඔබ ඇතුළු ටී.එන්.ඒ. පිරිස ජනපති මුණගැසුණු අවස්ථාවේ, ඔබ අතරින් කිහිපදෙනෙකුත් ජනපති වීමට තමන්ට සහය දුන්නාය කියලා ඔහු කියපු කතාව විහිළුවට කියපු දෙයක් නෙමෙයි නේද?
ජනාධිපතිවරයා ඒ කතාව දෙවතාවක්ම කිව්වා. ඒක එතුමාට වැරදිලා කියවුණ දෙයක් නෙමේ. හිතාමතාම තමයි එතුමා එවැනි ප්‍රකාශයක් කළේ.
ඒ කියන්නේ පක්ෂය තුළ බෙදීමක් ඇති කරන්න ජනාධිපතිවරයා උත්සාහ කළා කියන එක ද?
පක්ෂය තුළ බෙදීමක් ඇති කරන්න එතුමා ඒ වගේ ප්‍රකාශයක් කළා කියලා මම කියන්නේ නැහැ. ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කරන්න හේතුව ඇත්තටම මට තවමත් පැහැදිලි නැහැ. නමුත් පක්ෂ තුළ බෙදීමක් ඇති කරන්න නම් මීට වඩා දේවල් කරන්න ඔහුට හැකියාව තියනවා. රහස් ඡන්දයක් පැවැත්වෙන අවස්ථාවක එවැනි ප්‍රකාශයක් කරන්න තොරතුරු ලැබුණේ කොහොමද කියන එකත් ගැටලුවක්. ඒ ප්‍රකාශය පිළිබඳ අපි බාහිරින් එතරම් තැකීමක් කරන්නේ නැති වුණත් පක්ෂය අභ්‍යන්තරයේ අපි මේ ගැන දැඩිව සොයා බලනවා.
ජනපති තෝරාගැනීම වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කරද්දී ටී.එන්.ඒ. එකට ඉන්දියාවෙන් බලපෑමක් තිබුණද?
ඉන්දියාවෙන් අපිට කිසිම බලපෑමක් වුණේ නෑ. අප නිතරම රාජතාන්ත්‍රික සබඳතා පවත්වනවා. විවිධ රටවල පුද්ගලයින් මුණගැහෙනවා. ඒ කිසිම රටක්, පුද්ගලයෙක් කිසිම දවසක දේශපාලනික වශයෙන් තීන්දු තීරණ ගන්න අපිට බලපෑම් කරලා නැහැ. නමුත් සමහර වෙලාවට ඔවුන්ගේ කතාබහෙන් ඔවුන් වක්‍රව හඟවන දේවල් තිබෙනවා. ඒ වුණත් මේ වෙලාවෙ එහෙම මොකුත්ම වුණේ නැහැ.
ජනාධිපතිවරයා මුණ ගැසුණු වෙලාවේ ඔබ ඇතුළු පිරිස කළ ඉල්ලීම්වල සාධාරණ පදනමක් තිබෙනවාද නැතිනම් එය අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට තැත්කිරීමක්ද?
ජනාධිපතිවරයාට අපි කළ ඉල්ලීම් අතර අපි අවුරුදු 74ක් තිස්සේම කරන ඉල්ලීම් පවා තියෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගත හැකි තත්ත්වයට ගේන්න කියලා ඒ පනත ගෙනා මුල් කාලයේ ඉඳලම අපි කියනවා. දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා අපි 2009 වර්ෂයේ සිටම ඉල්ලීම් කරනවා. අතුරුදහන් වූ පුද්ගලයින් සොයා දෙන්න කියලත් අපි සෑහෙන කාලයක් තිස්සේ කියනවා. එවැනි සාධාරණ ඉල්ලීම් තමයි අපි ඉදිරිපත් කළේ. එවැනි ගැටලුවලට ජනතා නියෝජිතයින් හැටියට අපි විසඳුම් ලබා දෙයි කියලා අපිට ඡන්දය දුන් ජනතාව බලාපොරොත්තු වෙනවා.
ඒ කියන්නේ ඔබලා කියන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් එපා කියලා නෙමෙයි?
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් එපා කියලා අපි කිසිම අවස්ථාවක කියලා නැහැ. රටකට ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා පනතක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. හැම රටකටම ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා සකස් කළ පනත් තියෙනවා. අපේ රටේ දැන් තියෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එපා කියලා තමයි අපි කියන්නේ. මේ පනත නිසා අසාධාරණයට ලක් වූ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඇත්තටම කියනවා නම් මේ තියෙන පනත හරහා කරන්නේ ත්‍රස්තවාදය වළක්වනවාට වඩා මිනිස්සු මර්දනයට ලක් කිරීම. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි පනතක් හදන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා සකස් කරන පනත ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා පමණක් විය යුතු අතර දේශපාලන බලපෑම් කිරීමට, ජනතාව මර්දනයට, එක් ජන කොටසකට පමණක් වරප්‍රසාද ලබාදීමට හෝ දඬුවම් ලබා දීමට හෝ භාවිත නොකළ යුතුයි.
උදාහරණයක් විදියට ගත්තොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැක කටයුතු ලෙස අත්අඩංගුවට ගත් තුන් සියයක් පමණ පිරිසක් අදටත් හිරගත වෙලා ඉන්නවා. සහරාන් කොළඹට එන්න බස් ටිකට් එක වෙන් කරවාගත්ත අලෙවිසැලේ සේවකයා අවුරුදු තුනක් තිස්සේ අදටත් ඉන්නේ හිර භාරයේ. ඒ සේවකයා කළේ තමන්ගේ රැකියාව. සහරාන් මෙවැනි විනාශයක් කරනවා කියලා ඔහු දැනගෙන ඉන්නත් නැතිව ඇති. සමහර විට ඔහු සහරාන්ට සහයෝගය ලබාදුන්නා නම් සාක්ෂි සහිතව සනාථ කරගෙන ඔහුට දඬුවම් ලබා දිය යුතුයි. එහෙම නැතිව නිකරුණේ හිරගත කරලා තිබ්බාට ප්‍රයෝජනයක් නැහැ.
මේ විදිහටම සමහර දෙමළ සිරකරුවන් අවුරුදු විස්සක් තිස්සේ නඩු නැතිව හිරේ ඉන්නවා.
අද දෙමළ මුස්ලිම් ජනතාව පමණක් නෙමෙයි මේ පනත නිසා සිංහල ජනතාවත් අසාධාරණයට ලක් වෙලා. ගෝල්ෆේස් පිට්ටනියේ අරගලකරුවන් පවා අත්අඩංගුවට ගත්තේ මේ පනත යටතේ. මේ පනතේ බලපෑම තියෙන්නේ එක ජන කොටසකට පමණක් නෙමෙයි. ජාති ආගම් පාට පක්ෂ භේදයකින් තොරව මේ පනත සියලුදෙනාට බලපෑම් කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආර්ථික ස්ථායීකරණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
2013 වසරේ සතොස ආයතනයේ සේවකයින් සිය නිල රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට රුපියල් එකොලොස් ලක්ෂයකට අධික පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නා.
රනිල් වික්‍රමසිංහ, රනිල් රාජජපක්ෂ වුණාට පසු ඔහුගේ සර්වපාක්ෂික කතා අවසන් වී තිබෙන අතර දැන් පවතින්නේ අන්තර්කාලීන පාලනයකින් පසුව මැතිවරණයක් පැවැත්වීමට සූදානම් ආණ්ඩුවක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේය.
තමන්ට කිසියම් පාර්ශවයකින් මරණ තර්ජන එල්ල වී ඇති බව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වරප්‍රසාද ප්‍රශ්න යොමු කරමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරණයේදී තමන් දැරූ ස්ථාවරත්වය හේතුවෙන් එවැනි තර්ජන එල්ල වන්නේදැයි සැකයක් පවතින බවයි.
The main Opposition SJB will extend support to the Government on its efforts to revive the country’s economy, said MP Eran Wickramaratne on Sunday and expressed confidence and hope at the Government’s early commitment to achieve debt sustainability.
මහින්දානන්දලා,රෝහිතලා,ජොන්ස්ටන්ලා සිටින ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයට එක්වීමට පොහොට්ටුවට විරුද්ධ සිටි කිසිවෙකුට හෝ හෘද සාක්ෂියට එකඟව සිදුකළ නොහැකි අතර වරින් වර හදිසි නීතිය බලාත්මක කරමින් මර්දනයට සහය දිය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පෙන්වාදුන්නේය.
විදුලි ගාස්තු සංශෝධනයේදී සමාජ සාධාරණත්ව මූලධර්ම උල්ලංඝණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. අඩු විදුලි ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් මත වැඩි බරක් පටවමින් නව මිල සංශෝධනය සිදු කර ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
ජනාධිපතිවරයා තෝරා ගන්නා ඡන්දයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළේ ඔහු සමග පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු අනුව බවත් දැන් එම එකඟතා ඉටු කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.
Page 128 of 551