Sunday, February 01, 2026
Follow Us
ලබන වසරේ අයවැය සාදන ආකාරය ගැන ඉඟියක්

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් රාජ්‍ය ආදායම සියයට 11 යි දශම 3 ක් දක්වා වැඩිකර ගැනීමට සහ රාජ්‍ය වියදම සියයට 18.1 දක්වා අඩුකර ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු 04 ක් ඉලක්ක කර ගනිමින් ලබන වසර සඳහා වන අයවැය සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කළ බවයි අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

2023 අයවැය විශාල වෙනස්කම් සහිත අයවැයක් වනු ඇති බව ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එහිදී කියා සිටියා.

Neth