Sunday, February 01, 2026
Follow Us
රනිල්ටත් දැන් තියෙන්නේ පුටුවේ ප්‍රශ්නයක් වගේ.මම හිතන්නේ රත්වෙනවා – හර්ෂණ

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමට පෙර මර්දනීය තීන්දු නොගත් පුද්ගලයෙක් වන අතර ඔහු දැන් සිදුකරන්නේ පොහොට්ටු මන්ත්‍රීවරු සතුටු කිරීම මෙන්ම ජනාධිපති පුටුවේද ප්‍රශ්නයක් තිබිය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.

ඒ, (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මෑත ඉතිහාසය තුළ ජනාධිපති පුටුවේ වාඩි වූ සියලු දෙනාම පාහේ පිස්සු කෙළීමට පටන් ගත් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙයට කළ යුතු හොඳම දෙය වන්නේ ජනාධිපති පුටුව නැති කිරීම බව හෙතෙම ප්‍රකාශ කරන ලදී.

LNW