මැයි 09 වැනිදා සිදුවූයේ අරගලකරුවන්ට ප්‍රහාරයක් එල්ල වීම නොව අරගලකරුවන් විසින් තමා ඇතුළු නිරායුධ පිරිසට පහරදීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසනවා.
Leader of Tamil Progressive Alliance (TPA) an ally of Samagi Jana Balawegaya (SJB) Mano Ganesan yesterday welcomed the decision by the government to introduce a direct cash subsidy to low income groups to purchase kerosene in the wake of the price increase.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්විණි. මේ සඳහා සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද සහභාගි වී තිබෙනවා.
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් රාජ්‍ය ආදායම සියයට 11 යි දශම 3 ක් දක්වා වැඩිකර ගැනීමට සහ රාජ්‍ය වියදම සියයට 18.1 දක්වා අඩුකර ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු 04 ක් ඉලක්ක කර ගනිමින් ලබන වසර සඳහා වන අයවැය සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදී රටක භාෂණයේ, රැස්වීමේ, උද්ඝෝෂණය කිරීමේ නිදහස ඇති නමුත් අද වන වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා ලංකාවේ එම නිදහස සහමුලින් ඉවත් කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ජනතා නැගිටිමේදී සිදු වූ ඇතැම් සුළු සුළු දේ දඟකාරකම් මිස අපරාධ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.
09 වන පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.
මැයි 09 සිට ජූනි 12 වනදා දක්වා සිදු වූ සියලු ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සොයා බලා විමර්ශණය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
Says torso of Rajapaksa regime surviving in Parliament
Highlights that only two political camps now exist
Accuses Ranil Wickremesinghe of using repression to survive
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින් ආණ්ඩුව දේශපාලන දඩයමක නිරත වන බව සමඟි ජන බලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ආණ්ඩුව දිගින් දිගටම එලෙස කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව ජනතාව සමඟ එක්ව ක්‍රියාමාර්ගයකට යොමු වීමට සිදුවන බවයි.
President Ranil Wickremesinghe is reported to have contacted former President Gotabaya Rajapaksa to discuss arrangements for his return to the country, Daily Mirror learns.
ආණ්ඩුවට එරෙහි විරෝධතා පැවැත්වුණු ඉකුත් කාලසීමාව තුළ පාර්ලිමේන්තුවට ගිනි තැබීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇති බව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට දැනුම් දී තිබෙනවා.
සාමාන්‍ය ජනතාව පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට යොමුවීම තුළින් මේ වනවිට දුම්රිය මගී ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩිවී ඇති බවත් පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ග වලට යොමුකළ මුදල් වලින් 10%ක් පොදු ප්‍රවාහනයට යොමු කළේ නම්, අද මෙරටට නවීකරණය වූ දුම්රිය පද්ධතියක් හා මගී බස්රථ සේවයක් ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම සඳහා කිසිදු සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සුදුසු වේලාව පැමිණි පසු විශ්‍රාම යන බවත්, ඒ දක්වා දිගටම දේශපාලනයේ නිරත වන බවත් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
පොලිස් අත්අඩංගුවේ පසුවන අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ගුණතිලක සම්බන්ධයෙන් සොයා බැලීමට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (21) දින පෑළියගොඩ පොලිස් ස්ථානය වෙත ගොස් තිබුණද මන්ත්‍රීවරයාට ඔවුන්ව දැක ගැනීමට හැකි වී නැහැ.
ත්‍රස්තවාය වැලැක්වීමේ පනත යොදාගනු ලබන්නේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් බවට ජනාධිපතිවරයා පැවසුවද දැන් සිදුවෙමින් තිබෙන්නේ එම පනත හරහා දේශපාලන ක්‍රියාකාරීන් මර්ධනය කිරීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
Page 127 of 556