ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින් ආණ්ඩුව දේශපාලන දඩයමක නිරත වන බව සමඟි ජන බලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ආණ්ඩුව දිගින් දිගටම එලෙස කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව ජනතාව සමඟ එක්ව ක්‍රියාමාර්ගයකට යොමු වීමට සිදුවන බවයි.
ජාත්‍යන්තරයේ සහය අත්‍යාවශ්‍ය මොහොතක ආණ්ඩුවේ මෙවැනි ක්‍රියා හේතුවෙන් රට තවදුරටත් ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්වන බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ.
මෙම තත්වය වහාම වෙනස් විය යුතු බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ උපසභාපති මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ.
Neth