Sunday, February 01, 2026
Follow Us
ජනතාවට ඉදිරියේදී ලැබෙන සහනය

නැවත ආධාර ලබා ගැනීමට ජනපති ජපානය තෝර ගනී


ජනාධිපතිවරයාගේ නව ආර්ථික වැඩපිළිවෙළ හමුවේ යම් ප්‍රමාණයකින් බඩු මිල අඩු වී තිබුණ ද ලබන සතියේ ඉදිරිපත් කරන අන්තර්කාලීන අය වැයෙන් ජනතාවගේ ජීවන බර තවදුරටත් අඩු කිරීම සඳහා කටයුතු සිදු වෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.

අද (24) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මේ බව සඳහන් කළේය.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ත්, නැවත ආධාර ලබා ගැනීමටත් ජපානය තෝරාගෙන ඇති අතර ජපානය එම කටයුත්ත නිසියාකාරව ඉටු කරනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.” යනුවෙන් ද ඔහු පැවසීය.

“ලෝකයේ සිටින නායකයන් සමග සසඳා බැලුවහොත් වසර 50ක පළපුරුද්දක් සහ පාර්ලිමේන්තුවේ වසර 45ක අත්දැකීමක් ඇති නායකයෙකු ජාතියට ඉතිරි වී තිබෙනවා. එම නිසා ඒ මහා නායකයා තුළින් ශ්‍රී ලංකාව ගොඩගැනීම සඳහා නිර්භයව ප්‍රයෝජන ගත යුතුයි. යම් කෙනෙකු ඉතිහාසය තුළ යම් වැරදි ආකාරයකට එතුමාව දැක සිටියත් වර්තමානයේ එය එසේ සිදු නොවිය යුතුයි. එසේ නම් සියලු දෙනා එකට එකතු වී ශ්‍රී ලංකාව කඩිනමින් ගොඩගත යුතුයි.” වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ කීය.

Aruna