Sunday, February 01, 2026
Follow Us
පොහොට්ටුවේ තනතුරු වල වෙනසක්

පක්ෂයේ මතයට එරෙහි වූවන් ඉවත් කිරීමට තීරණයක්


ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ තනතුරුවල වෙනසක් සිදු කරන බව එහි ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ලබන මාසයේ පැවැත්වීමට නියමිත පක්ෂ මහ සමුළුවේදී ‍මෙම තනතුරු වෙනස් කිරීම් සිදු කරන බව ඔහු ප්‍රකාශ කළේය.

විශේෂයෙන් පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ගනු ලැබූ දේශපාලන තීන්දුවලට එරෙහිව යමින් කටයුතු කළ දැනට පක්ෂයේ ප්‍රධාන පෙළේ තනතුරු දරණ පුද්ගලයින් එම තනතුරුවලින් ඉවත් කිරීමට ද එහිදී කටයුතු කරන බව සාගර කාරියවසම් ඔහු පැවසුවේය.

Aruna