Sunday, February 01, 2026
Follow Us
පාර්ලිමේන්තුවට ගිනි තැබීමේ කුමන්ත්‍රණයක් ගැන ජනපතිගෙන් කැබිනට් රැස්වීමේදී අනාවරණයක්

ආණ්ඩුවට එරෙහි විරෝධතා පැවැත්වුණු ඉකුත් කාලසීමාව තුළ පාර්ලිමේන්තුවට ගිනි තැබීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇති බව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට දැනුම් දී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකර ඇති අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා

දිර්ඝ විමර්ශන සඳහා අවශ්‍ය සැකකරුවන් රඳවා ගනිමින් එලෙස ප්‍රශ්න කිරීම් සිදු කෙරෙනු ඇති බව ද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එහිදී සඳහන් කළා.

Neth