සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම මේවනවිට අවම මට්ටමක පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. රටේ වත්මන් අර්බුදවලට විසදුම් සෙවීම සඳහා ඇතැම් පාර්ශව සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා කැප නොවන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
ස්වාධීන වූ පක්ෂ 09යේ නියෝජිතයින් අතර පැවති හමුවකින් අනතුරුව විමල් වීරවංශ මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ මෙම අදහස් පල කළා.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිවිතුරු හෙල උරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
විජය දරණී ජාතික සභවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ රට ගොඩ නැගීම සදහා ආණ්ඩුවට නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතු`එ සිසුන් තිදෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 09ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර එහිදී මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පල කළා.
Neth