Sunday, February 01, 2026
Follow Us
ජවිපෙ එරංග සොයා පොලීසිය CSR වටලයි!

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සොයා පොලිස් කණ්ඩායමක් මේ වන විට මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයට පැමිණ සිටිනවා.

සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ බහු ජන සංවිධාන එකතුව පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුව අතරතුරයි පොලිස් කණ්ඩායමක් එරංග ගුණසේකර සොයා පැමිණ ඇත්තේ.

එම ස්ථානයේ එරංග ගුණසේකර නොමැති බව මාධ්‍ය හමුවට පමිණ සිටින සෙසු පිරිස පොලීසිය වෙත දන්වා තිබෙනවා.

ජන අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙක් වූ එරංග ගුණසේකරගේ නිවසද මීට පෙර පොලිස් කණ්ඩායමක් විසින් වටලා තිබුණු නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබුණි.

මේ අතර පසුගිය 20 වැනිදා ජාතික ජන බලවේගය විසින් නුගේගොඩ පැවැත්වූ රැළිය ඇමතීමටද එරංග ගුණසේකර කටුතු කර තිබුණා.

LNW