හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රටේ ආර්ථිකය ගොඩ ගැනීමේදී ඉන්දියාව, අමෙරිකාව, ජපානය මෙන්ම චීනය ද එකසේ වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.
කෙටුම්පත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට එරෙහිව පාර්ශ්ව 09 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙනවා. පසුගිය 10 වැනිදා මෙම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළේය.
විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුව නව සංධානයක් බිහිකිරීමට තීරණය කර තිබෙනවා. එය සැප්තැම්බර් 04 වනදා ආරම්භ කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ.
සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ආණ්ඩුව දිගු කරන ඇමති කැරට් අල අනුභව කිරීමට සුදානම් නොමැති බවත් රට වෙනුවෙන් ප්‍රතිපත්තිගරුකව රට ගොඩනගන්න රජය කරන හොද දේවල්වලට පමණක් එ්කාබද්ධ වැඩපිළිවෙළක් යටතේ පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා පමණක් සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඊයේ (18) දිනයේදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාව ඇපයක් නොමැතිවම මුදාහැරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් නියෝග කර තිබේ.
The appointment of the new Cabinet will be delayed for another one week due to closed door discussions being underway with the parties on the formation of it , Daily Mirror learns .
මේ වන විට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබන 4 වැනි දින යළි මෙරටට පමිනිමටනියමිත බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පැවසුවේය.
බැසිල් රාජපක්ෂ භීතිකාවෙන් මිදී දැන්වත් ඒ මහතාට පාඩුවේ හිඳින්නට ඉඩ ලබාදෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.
සේවා අපනයන ඉපයීම් අනිවාර්යයෙන්ම රුපියල් බවට පරිවර්තනය කිරීම නවත්වන ලෙස තමන් පසුගිය සතියේ සිකුරාදා මාධ්‍ය හමුවකදී කරන ලද ඉල්ලීම මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් මේ සතියේ අඟහරුවාදා වනවිට ක්‍රියාත්මක කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඇමති ධූරයක් ලබා ගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්වීමට යන බවට පැතිරෙන කතාව කිසිදු පදනමක් නැති අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණෙන දිනය මෙතෙක් තහවුරු කර නොමැති බව ඔහුගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසනවා. ලබන 24 වනදා හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඊයේ ප්‍රකාශ කළා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි මෙරටට පැමිණීමට අවස්ථාව සලසා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ මහතා පවසයි.
Page 129 of 556