ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ සංවර්ධන අයවැයක් නොව ජනතාව සංවර්ධනය කරන අයවැයක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. එම අයවැය හරහා මන්දපෝෂණයෙන් පෙලෙන ජනතාවටද සහනයක් සලසන බවයි.
රට ගොඩගත හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වැඩිදුරටත් සදහන් කළේ.
ගාල්ල ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
Neth