Sunday, February 01, 2026
Follow Us
අරගලකරුවන් ආණ්ඩුවට පේන්නෙ ත්‍රස්තවාදීන් වගේ !

මේ රටේ ජනතාව ඉල්ලා සිටියේ සිස්ටම් චේන්ජ් එකක් බවත්, එය ඇමැති තනතුරු වරප්‍රසාද වැනි කැරට් කළ මගින් කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රටේ ජනතාව දහසකුත් පීඩාවලින් දුක්විඳින විට පාලකයින් කළ යුත්තේ ඇමති කැරට් අල දිගු කිරීම නොවන බව පැවසූ විපක්ෂ නායකයා, එහෙත් සිදුවෙමින් පවතින්නේ සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටි තරුණයින්ව මර්දනය කිරීම බවද සඳහන් කරයි.

ජාතික මහජන සභාව-කලාකරුවන්ගේ හමුවක් අද (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. කලා ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු රැසක් පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර විශේෂයෙන්ම සිනමා කර්මාන්තය, ටෙලිනාට්‍ය කර්මාන්තය, මෙන්ම ඇසිදිසි කලා ක්ෂේත්‍රය පිලිබඳව එහිදී විශේෂ අවධානයක් යොමුවිණි.

කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ජන අරගලය වෙනුවෙන් මැදිහත් වෙමින් එතෙක් පැවති ක්‍රමය වෙනස් කිරීමට ලබාදුන් දායකත්වය කිසිසේත් අමතක කළ නොහැකි බව පැවසූ විපක්ෂ නායකයා, මිනිසුන්ගේ පීඩාවන් මත ගොඩනැගෙන අරගලය ත්‍රස්තවාදයක් ලෙස වර්තමාන ජනාධිපති සහ ආණ්ඩුව සලකන බවද පැවසීය.

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව පෙනී සිටින බවත් අරගලයට දායක වූ පිරිස් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ව මර්දනය කිරීම තරයේ හෙළා දකින බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

 

LNW