අධිකරණ ඇමතිගේ අපේක්ෂාව ‘අරුණට’ කියයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකට නිදහස ලබාදෙන ලේඛනවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26 වැනිදා) අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ‘අරුණට’ පැවැසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට ලබාදෙන මෙම සමාව, දඬුවම අහෝසි කිරීමක් පමණක්ද සියලු සිවිල් අයිතිවාසිකම් සහිත පූර්ණ සමාවක්ද යන්න තීරණය කිරීමේ හැකියාව ඇත්තේ ජනාධිපතිවරයාට බව පෙන්වාදුන් ඇමැතිවරයා, රන්ජන් රාමනායකට සමාව ලබාදීම සුදුසු බව තමා ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.
Aruna