Thursday, January 29, 2026
Follow Us
රෝයල් ගියාට මම එංගලන්තෙදි පංතියේ අන්තිමයා – සජිත්

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන කාලයේදී තමන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉහළ තැනක සිටියත් ඒංගලන්තයේදී ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නා විට තමන් පංතියේ අන්තිමයා වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

මහරගම පැවැති වැඩසටහනකදී ඔහු මේ බව පැවැසීය. කෙමේ වෙතත් භාෂා විද්‍යාගාර වැනි ක්‍රම භාවිත කරමින් තමන් ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිකර ගත් බවද ඔහු පැවැසීය.

“මමත් ශාන්ත තෝමස් විද්‍යාලයේ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු ශිෂ්‍යයෙක්. ඉංග්‍රීසි භාෂා ක්ෂේත්‍ර යෙන් මම ඉහළම තලයක හිටියේ. නමුත් මගේ සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය ඒංගලන්තයේ ක්‍රියාත්මක කරන කොට ඉංග්‍රීසි භාෂා ක්ෂේත්‍ර යේ ඒම පංතියේ මම අන්තිමයා. නමුත් මම මෙහේ ඉහළින්ම හිටියා.

නමුත් මට භාෂා විද්‍යාගාර මට උදව් කළා මගේ සාක්ෂරතාව දියුණු කරන්න. මම ජාත්‍යන්තර තලයේ පුවත්පත් කිව්වා. හැමදාම රෑට ඉංග්‍රීසි පුවත් බැලුවා. මගේ තාත්තත් ඒ් දේ කළා. මගේ තාත්තා මට කිව්වේ හැමදාම අලුත් ඉංග්‍රීසි වචන 10ක් ඉගෙන ගන්න කියලා”

Mirror