විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණ කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය නිවාරණයට සම්බන්ධ සියලුම ආයතන ඒකාබද්ධ කර ගනිමින් විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් මෙම කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිත අතර එම කටයුතු පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීමේ ගැටළුව සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කර ඇති අතර එය වැළැක්වීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධය අංශය පැවසුවේ.
මත්ද්‍රව්‍ය නිවාරණය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් වෙන් කර හඳුනා ගැනීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රතිකාර සහ උපදේශන සේවා ලබාදීම පිළිබඳව ද සාකච්ඡාවට බදුන් වී තිබෙනවා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී දැනට සිරගතව සිටින රැඳවියන් සහ ඔවුන් පිළිබඳ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග හා බන්ධනාගාර තුළ ඔවුන් වෙනුවෙන් සිදු කළ යුතු ප්‍රතිකාර විධිමත්ව ලබාදීම යන කරුණු කෙරෙහි ද එහිදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩී ඩී යූ කේ හෙට්ටිආරච්චි, අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර, ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට එක් වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කළා.
Neth