හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති පුටුවේ පහස ලබාදීමට රහසිගත වැඩපිළිවෙලක් සංවිධානයවන බවත්, ඒ සඳහා පසුගියදා පැවති මන්ත්‍රී සාදයක් පිළිබඳවත් ‘නෙත් නිවුස්’ කණින් කොනින් ඇසුණු කතා වැඩසටහනේදී හෙළිදරව් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් ලබන මැයි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කිරීමෙන් රටට සිදුවන හානිය පිළිබඳ 43 වන සේනාංකය 07 පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
සහල් මෙරටට ආනයනය කිරීම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට උපදෙස් ලබා දී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.
පසුගිය 06 වනදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සඳහා තේරීම් කාරක සභාව විසින් සාමාජික මන්ත්‍රීවරුන් නම් කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41A(1)(f) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට රජය සහ විපක්ෂ නායකවරයා අයත් වන දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය නොකරන මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ එකඟතාවයෙන් පත් කිරීම සදහා විශේෂ රැස්වීමක් 2022 දෙසැම්බර් 8 වැනි බ්‍රහස්පතින්දා සවස 3.00 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1හි පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (06) පෙරවරුවේ නිවේදනය කළේය.
මෙරට ආර්ථික විනාශයට වගකිව යුතු නිලධාරීන් සහ දේශපාලනඥයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සිය කැමැත්ත ප්‍රකාශ කළේය.
පාස්කු ප්‍රහාර මාලාව මැඩපැවැත්වීමේ වගකීම තමන්ට පෞද්ගලිකව භාරගත නොහැකි බවත් තමන් මේ වන විට ජනාධිපති ධුරය නොදරන බැවින් එකී ප්‍රහාරවල වින්දිතයන් වන්දි ඉල්ලා නඩු පැවරිය යුත්තේ පෞද්ගලිකව තමන්ට නොව රජයට හෝ රජය වෙනුවෙන් නීතිපතිවරයා පාර්ශ්වයක් කරමින් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා (5 දා) බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ පැවසීය.
Whilst highlighting that a Presidential election is the best option when it comes to seeking a mandate of the people, UNP stalwart Navin Dissanayake yesterday said one could expect a presidential poll in August 2023.
කැසිනෝ ව්‍යාපාරයට තවත් බලපත්‍ර දෙන්නේ නම් නියාමන අධිකාරියක් ඇති කළ යුතු බව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.
රටේ ආර්ථිකය කඩා වැටී තිබියදී බ්‍රිටිෂ් ඇමරිකන් ටෝබැකෝ සමාගම රජයට බදු ගෙවීමෙන් අනතුරුවත් බිලියන ගණනින් ලාභ ලබා ඇති නමුත් තවදුරටත් රජය බදු අයකරමින් සිටින්නේ සාමාන්‍ය ජනතාවගෙන් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කියන් රාසමානික්කම් මහතා පැවසුවේය.
විශේෂයෙන්ම අපි යන්නේ ඉතාම අමාරු ගමනක්, අපේ රට දේශපාලන වශයෙන් නිදහසෙන් පස්සේ වසර 75ක් පිරෙන්න යනකොට රට ආර්ථික වශයෙන් කඩා වැටෙන තැනකට ඇවිල්ල තියෙනව. මෙන්න මෙහෙම ඉරණමක් ඉදිරියේ තමයි මේ බදුල්ලේ අපේ මේ මහා සම්මේලනය පවත්වන්නෙ.
Page 86 of 554