Thursday, January 29, 2026
Follow Us
පළාත් පාලන ඡන්දය ගැන විපක්ෂයේ සාකච්ඡාවක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වුනි. ඒ විපක්ෂ නායක කාර්යාලයේදීයි.

මේ අතර, පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ගැටලුවක් නොමැති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.



ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධ හමුවකට එක්වෙමින්.පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමේ අවශ්‍යතාවයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහනුවරදී අද ප්‍රකාශ කළේ.
ARUNA