Thursday, January 29, 2026
Follow Us
ඩයනාගේ පාස්පෝට් එක ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඕෂල හේරත් මහතා විසින් ඊයේ (20) දිනයේදී මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිත්‍යාන්‍ය පුරවැසියකු වන බැවින් ඇයට ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් ආගමන විගමන පනතට පටහැණි ක්‍රියාවක් බවටත් මෙහිදී බලය අයුතු ලෙස භාවිතා කිරීමක් සිදුව ඇති බවටත් එම පැමිණිල්ලෙන් කරුණු දක්වා ඇති බව සඳහන්.

LNW