Thursday, January 29, 2026
Follow Us
රටට අවශ්‍ය නව දේශපාලන බලවේගය ගැන මන්ත්‍රී පාඨලී කතා කරයි

රටට අවශ්‍ය වන්නේ තරුණ පරම්පරාව මුල් කරගත් නව දේශපාලන බලවේගයක් බව 43වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් විවිධ දේශපාලන පක්ෂ සංධානගත වීම සඳහා මේ දිනවල පවතින සාකච්ඡා සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදීන් කළ කරණු විමසීමකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

ආර්ථික අර්බුධයක් මධ්‍යයේ සර්ව පාර්ශ්වික සමුළුවක් කඳවා බලය බෙදා හැරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා එහිදී අදහස් පළ කළා.

Neth